බදියුදීන් නිවසේ තවත් මෙහෙකාරියක් තමාව දූෂණය කල බවට සාක්ෂි දෙයි

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ දී මියගිය 16 හැවිරිදි ඉශාලිනි දැරිවිය සම්බන්ධයෙන් අදාල මන්ත්‍රීවරයාගේ පක්ෂය වන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සංවිධායක එ්.ජේ මොහොමඩ් ෆායිස් අද නිවේදනයක් නිකුත් කර තිබුණා.
එහි සඳහන් වූයේ ඉශාලිට ලබාදී තිබු කාමරය අඩි 6 x 4 ප්‍රමාණය කාමරයක් ලෙස දැක්වුවද එහි සැබෑ ප්‍රමාණයක් දිගින් අඩි 7 යි අඟල් 4 ක් වන බවයි.
එමෙන්ම එහි පළල අඩි 06 යි අඟල් 03 ක් බව එම නිවේදනයේ දැක්වුණා.
එමෙන්ම එම කාමරයට ක්‍රියාකරන විදුලි පංකාවක් සහ විදුලි එළියද ලබාදී ඇති අතර ඇයට පුද්ගලික පාවිච්චිය සඳහා අංග සම්පූර්ණ නාන කාමරයක්ද ලබා දී ඇති බවයි මොහොමඩ් ෆායිස් නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ.
එමෙන්ම මෙම දැරිය මාස හතහමාරක පමණ සුළු කාලයක් මන්ත්‍රීවරයාගේ නිවසේ ගත කළ කාලපරිච්ඡේදයේදී මෙම ලිංගික අපයෝජනය සිදු වූවා යැයි සාක්ෂි ඉදිරිපත් වී නැති බවත් ඒ.ජේ මොහොමඩ් ෆායිස් සිය නිවේදනය මගින් පවසනවා.
මේ අතර 2010 වසරේ සිට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කළ කාන්තාවන් දස දෙනෙකු සම්බන්ධයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා පරීක්ෂණ ආරම්භ කළා.
ඒ අතර රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේම සේවය කළ ඩයගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් කැළණිය ප්‍රදේශයේ පදිංචිව සිටියදී අද සොයා ගැනුණා.
එම කාන්තාවගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී ඇය සඳහන් කර ඇත්තේ තමාද මන්ත්‍රීවරයාගේ නිවසෙහි සේවය කරන කාලයේදී ලිංගික අතවරයට ලක් වූ බවයි.
ඒ අනුව අදාළ කාන්තාවද රැගෙන ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය අද දහවල් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවෙසට පැමිණියා.
එලෙස පැමිණි ඇය නිවසේ යම් යම් ස්ථාන පරීක්ෂා කරන ආකාරයද දැකගන්නට ලැබුණා.
දැනට වාර්තා වී ඇති තොරතුරු වලට අනුව මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කළ කාන්තාවන් දස දෙනෙකුගෙන් තිදෙනෙකුම මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉන් එක් අයෙක් පසුගියදා මිය ගිය ඉෂාලිනි දැරිය වක අතර අනෙක් දෙදෙනාගෙන් එක් අයෙක් රෝගයක් හේතුවෙන් මිය ගොස් ඇති බවත් අනෙක් කාන්තාව මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය අවසන් කිරීමෙන් පසු සියදිවි නසාගෙන ඇති බවත් අනාවරණය කරගෙන තිබෙනවා.
1074 Views
Comments