AUG
15
වැල්ලවත්ත මුහුදු වෙරළට සායනික අපද්‍රව්‍ය ගොඩ ගසයි

වැල්ලවත්ත මුහුදු වෙරළට සායනික අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ගොඩගසා තිබු බව ජනතාව පවසති.
මෙම සායනික අපද්‍රව්‍ය වෙරළේ තැනින් තැන මෙන්ම මුහුදේ පාවෙමින් ද තිබෙනු දක්නට ලැබිණි.
ගොඩගසා තිබූ ද්‍රව්‍ය අතර භාවිතා කරන ලද කටුව සහිත සිලින්ජර, මුඛ ආවරණ, වීදුරු කුප්පි සහ මූඩි, ප්ලාස්ටික් බෝතල්, ප්ලාස්ටික් බට කැබලි ආදිය තිබූ බවත් මෙම අපද්‍රව්‍ය හේතුවෙන් රැල්ළ පෑගීමට පැමිණි ජනතාව මහත් අසීරුතාවයට පත්වූ බවද ජනතාව පවසති.
884 Views
Comments