මල්වර සාදයකට ආ පිරිසක් පන්නයි

සෞඛ්‍ය නීති උල්ලංගණය කරමින් අහංගම ප්‍රදේශයේ අද(8) පැවැත්වෙමින් තිබු මල්වර උත්සවයක් තහනම් කිරීමට කටයුතු කළ බව අහංගම මහජන සෞඛ්‍ය පරික්ෂක එම් පී ගයාන් අසංක මහතා පැවසුවේය.
ලද තොරතුරකට අනුව මහජන සෞඛ්‍ය පරික්ෂක ගයාන් අසංක මහතා එම මල්වර උත්සවය පැවති නිවසට යන විටත් පනස් දෙනකු පමණ එම උත්සවයට සහභාගි සිට ඇති අතර ඔවුන් විසුරුවා හැරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කටයුතු කර තිබේ.
කොවිඩ් වසංගතය මර්ධනය කිරීමේ සෞඛ්‍ය උපදෙස් උල්ලංගණය කිරිමේ චෝදනාව යටතේ මෙම නිවසේ හිමිකරුට විරුද්ධව නඩු පැවරිමට නියමිතයි.
865 Views
Comments