තෙමසකට පසු රාජ්‍ය සේවකයෝ අද වැඩ අල්ලයි

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කළේ සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සියලු රාජ්‍ය සේවකයින් අද සිට රාජකාරියට වාර්තා කළ යුතු බවත්, ඊට අදාළ චක්‍රලේඛය මේ වනවිටත් නිකුත් කර ඇති බවත්ය.
රාජ්‍ය නිලධාරීන් බහුතරයක් එන්නත්කරණය කර ඇති අතර රජයේ කාර්යයන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට මුල්තැන ලබාදිය යුතු බැවින්, ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ උපදෙස් අනුව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.
ඒ අනුව නිවෙස්වල සිට රාජකාරි කිරීමට අදාළ සියලු චක්‍රලේඛ අද සිට අවලංගු වන අතර රාජ්‍ය සේවයන්හි නිරත සියලු ගැබිණි මව්වරුන්ද අද සිට සාමාන්‍ය ලෙස සේවයට වාර්තා කළ යුතුය.
939 Views
Comments