දිනපතා වැඩිවන ලමා රෝහලේ කොවිඩ් රෝගී දරුවන්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා සඳහන් කළේ දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිත ළමුන් සහ මව්වරුන් ගණන වැඩිවෙමින් ඇතැයි සෞඛ්‍ය අංශ වෙතද පැවසූ අතර ඊයේ දිනයේදී පමණක් එම රෝහලෙන් දරුවන් ඇතුලු මව්වරුන් 12 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගෙන තිබෙන බව එතුමා පැවසීය.
වැඩිදුරටත් ප්‍රකාශ කර සිටි එතුමා පැවසූයේ මේ වන විට මසකට පමණක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ආසාදිතයින් 150 දෙනෙකු පමණ වාර්තාවන බවයි.
මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ දරුවන් 51 දෙනෙකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඉකුත් සතියේදී පමණක් ඇතුළත් කර තිබෙනවා. ඉන් කොරෝනා ආසාදිත ළමුන් 12 දෙනෙකු ඊයේ දිනයේදී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කෙරුණු බවයි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා පැවසුවේ දරුවන් මේ වන විට කොරෝනා මර්දන එන්නත ලබා නොදෙන පිරිසක් බැවින් ඔවුන් මෙම අවස්ථාවේදී දැඩි ලෙස ආරක්ෂා කළ යුතු බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.
802 Views
Comments