කැබැලිත්ත දේවොලට මහ සෙනඟක් ඇදෙති

කතරගම පෙරහැර බැලීමට අවසර නොමැති බැවින් බැතිමතුන් කැබැලිත්ත දේවාලය වෙත ගමන් කරමින් සිටින බව වාර්තා වේ.
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍ය නැරඹීමට මෙවරද බැතිමතුන් හට අවස්ථාව නොලැබීම මත විවිධ ප්‍රදේශ ඔස්සේ පැමිණි බැතිමත්හු යාල අංක 02 කලාපයට අයත් කැබිලිත්ත සියඹලා දේවාලය වෙත ගමන් කරමින් සිටිති.
මෙසේ යන පිරිස් කිසිදු සෞඛ්‍ය ආරක්ෂක නීතියක් හෝ පිළි නොපදින බවත් අඩුම තරමේ මුඛ ආවරණයක්වත් නොපළදින අයුරු දක්නට ලැබේ.
දිනකට ට්‍රැක්ටර් රථ 100 ක් පමණ ද ජිප් රථ 200 කට වැඩි ප්‍රමාණයක් ද එහි ගමන් ගන්නා අයුරු දක්නට ලැබේ.
889 Views
Comments