නාවලපිටියේ දැරිය කෙලෙසූ ස්ථාන 10ක් හඳුනා ගනී - අතවර කළ 6ක් අල්ලයි - දැරිය රැගෙන ගිය ස්ථානයක හිස් බියර් කෑන් 60ක්

අවුරුදු 6 සිට වසර 7ක් පුරා බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්වූ නාවලපිටියේ බාල වයස්කාර දැරිය එම කි‍්‍රයාවට යොදා ගත් ස්ථාන 10ක් ඊයේ(18දා) වනවිට හඳුනාගෙන ඇති බව ඒ පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන ගම්පොල කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශ්‍රීයන්ත පීරිස් මහතා සඳහන් කළේය.
නාවලපිටිය, හරංගල, ඉලූක්තැන්න ප්‍රදේශයේ අවුරුදු 13ක් වයසැති බාලවයස්කාර දැරියක් මෙසේ දීර්ඝ කාලයක් තිස්සේ අතවරයට ලක්වීම හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් දසදෙනකු හඳුනාගෙන ඇත. ඉන් පුද්ගලයන් හය දෙනෙකු හා සිද්ධියට ආධාර අනුබල දුන් එක් කාන්තාවක් අත්අඩංගුවට ගෙන නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
කොට්ඨාශභාර පොලිස් අධිකාරිවරයා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් පත්කොට ඇති අතර දැරියගේ මඟපෙන්වීම අනුව 16 වැනිදා දවස පුරා හරංගල, උඩමංකඩ ඇළ ආශ්රිත ලඳු කැළෑ හා නිවාස පරීක්ෂා කිරීමේදී මෙම ස්ථාන හඳුනාගෙන ඇත.
එහිදී ස්ථානීය පරීක්ෂණ අංශය විසින් සිදුකළ සියුම් පරීක්ෂණ වලදී වැදගත් සාක්ෂි කිහිපයක් සොයාගැනීමට හැකිවිය. 32 හැවිරිදි විවාහක එක්දරු පියෙකු විසින් අවසන් වරට මෙම දැරිය දින 4ක් රඳවාගෙන සිටි ගල්ගුහාවේ තිබී ඇඳ ඇතිරිලි පවා සොයාගෙන ඇත.
මෙම දැරිය අපයෝජනය කළ පිරිස අතර 42 හැවිරිදි ඇගේ පියා, 43 හැවිරිදි ඥාතියෙක්, බාප්පා කෙනෙක්, යුද හමුදාවේ ගාල්ල කඳවුරේ සේවය කරන අයෙක් ඇතුළු මත්කුඩු වලට ඇබ්බැහි වූවන්ද සිටින බව මේ වනවිට අනාවරණය වී ඇත.
පොලිසිය පැවසුවේ එක් එක් අය විසින් දැරිය කිහිප අවස්ථාවකම රැගෙන ගොස් අතවර කර ඇති බවයි.
මෙහිදී දැරිය රැගෙන ගිය ගල්ගුහා 2ක්ද හඳුනාගෙන තිබේ. එක් පුද්ගලයෙකු දැරිය රැගෙන යන සෑම අවස්ථාවකම බියර් පානයට පුරුදුව සිට ඇති බවත් ඔහු දැරිය සමඟ සිටි ස්ථානයක බියර් කෑන් 50-60ක් තිබී හමුවූ බවත් පොලිසිය පවසයි.
දැරියගේ මව රැකියාව ලෙස තේ දලූ කැඩීම සිදුකර ඇති අතර එසේ දලූ නෙළීමට යන විට දැරිය අසල නිවසක තබාගිය අවස්ථාවේ ඇය මුලින්ම එම නිවසේ තරුණයෙකු අතින් අපයෝජනයට ලක්ව ඇත්තේ දැරියට වයස අවුරුදු 6 දීය.
එසේම තවත් දිනයක ඇය වෙනත් නිවසක තබා ගියවිට එම නිවසේ අයෙකුගෙන්ද අපයෝජනයට ලක්ව තිබේ.
ඇය පාසලේ 6, 7 ශ්‍රේණිවල සිටියදී විශාල ලෙස අතවරයන්ට ලක්ව ඇති බව පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති බව ඒ සම්බන්ධව පරික්ෂණ පවත්වන ගම්පොල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශ්‍රීයන්ත පීරිස් මහතා පවසයි.
ඇගේ හැඳුනුම්පත සකසා ගැනීමට අවශ්‍ය වුවත් ඒ සඳහා අවශ්‍ය වූ රුපියල් හයසීයක මුදල සොයා ගැනීමට නොහැකිව 43 හැවිරිදි ඥාතියාට ඒ බව පවසා මුදල් ඉල්ලීමේදී ඔහු කිහිප අවස්ථාවකම දැරියව දූෂණය කර රුපියල් දහසක් දුන් බවත් දැරිය පොලිසියට පවසා තිබේ.
එසේම දැරියගේ මව සිය දෙවන දරු ප්‍රසූතිය සඳහා මීට වසර 2කට පමණ පෙර රෝහල්ගතව සිටියදී පියා අතින් තමා අතවරයට ලක්වූ බව දැරිය මවට පැවසුවත් මව ඒ පිළිබඳව සැලකිල්ලක් නොදැක්වූ බව දැරිය පැවසූබව පොලිසිය සඳහන් කරයි.
අවසාන වරට 32 හැවිරිදි එක් දරු පියා විසින් මෙම දැරිය රැගෙන ගියද ඒ පිළිබඳව පවා මෙම මව හා බීමට ඇබ්බැහි වූ පියා නිසි පියවර ගෙන නැතැයිද පොලිසිය පවසයි.
මෙම දැරිය රෝහල්ගත කළ අවස්ථාවේ නාවලිපිටිය අධිකරණ වෛද්‍ය නිලධාරි මහානාම මහතා විසින් දැරිය දීර්ඝ අපයෝජනයට ලක්ව ඇති බව හෙළිකිරීම නිසා මෙම අපරාධය හෙළිවී ඇත.
තවත් සැකකරුවන් හතරදෙනකු හා අනුබල දුන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව සහකාර පොලිස් අධිකාරි අමරබන්දු මහතා ප්‍රකාශ කලේය.
2499 Views
Comments