වයස අවුරුදු 30ට වැඩි පිරිස එන්නත්කරණයෙන් පසු රට නැවත විවෘත වේ

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ මේ වසරේ සැප්තැම්බර් මාසය වනවිට වයස අවුරුදු 30ට වැඩි සියලු පුද්ගලයන්ට එන්නත් ලබා දී අවසන් කරන අතර ඉන් පසුව රට නැවත විවෘත කරන බවයි.
ඊයේ දිනයේදී බුලත්සිංහල නව සතොස ශාඛාව විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ඔහු කියා සිටියේ සැප්තැම්බර් මාසය වනවිට වයස අවුරුදු 30ට වැඩි සියලුම පුද්ගලයන් එන්නත්කරණය සම්පූර්ණ කළ රට ලංකාව වන බවයි.
තවද ලබන සතියේ පාසල් නැවත විවෘත කිරීමට නියමිත බවත් මුහුණු ආවරණවල මිල තවදුරටත් අඩු කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු එහිදී කියා සිටියේය.
776 Views
Comments