කොරෝනාවට වැඩි බරක් යොදද්දී ඩෙංගු ව්‍යාප්තියේ වැඩිවීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
19

කොරෝනාවට වැඩි බරක් යොදද්දී ඩෙංගු ව්‍යාප්තියේ වැඩිවීමක්

කොරෝනාවට වැඩි බරක් යොදද්දී ඩෙංගු ව්‍යාප්තියේ වැඩිවීමක්

මෙරට ඩෙංගු ව්‍යාප්තියේ වැඩිවීමක් නිරීක්ෂණය වන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.

 

මේ වසරේදී දැනට මෙරටින් වාර්තාවන ඩෙංගු මරණ ගණන 7කි.

 

එසේම මෙමවසරේ මේ දක්වා කාලය තුල මෙරටින් ඩෙංගු රෝගීන් 15,272 ක් වාර්තාවී තිබේ.

 

ඉන් 4,600 ක් වන වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

 

ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරමින් අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට සියලු‍ දෙනා එක්ව කටයුතු කළ යුතු බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හිමාලි හේරත් පැවසුවාය.

views

774 Views

Comments

arrow-up