මංගල උත්සව තහනම් කෙරේ

2021 අගෝස්තු 17 වන අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙනතුරු නිවෙස්වල හෝ උත්සව ශාලාවල විවාහ මංගල උත්සව සඳහා අවසර හිමි නොවේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ කොරෝනා වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමට ගත් තවත් පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවයි.
එසේම අද(15) මධ්‍යම රාත්‍රියේ සිට ජනයා ඒකරාශී වන සියලු අවස්ථාද තහනම්වේ.
අවන්හලක් තුල එකවර රැස්වී සිටිය හැක්කේ ඒවායේ ධාරිතාවයෙන් 50%කට නොවැඩි පිරිසකට පමණි.
එසේම ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමෙන් හැකිතාක් දුරට වළකින ලෙසද රජය ඉල්ලා සිටින බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.
774 Views
Comments