වයස 12ට වැඩි දරුවන්ටත් කොවිඩ් එන්නත

වයස අවුරුදු 12ට වැඩි දරුවන්ටත් පියවරෙන් පියවර කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ වැඩපිළිවෙලක් රජය විසින් සැලසුම්කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(15) පැවසුවේය.
හම්බන්තොට රෝහලේ දකුණු පළාත් කොවිඩ්-19 ළමා ප්‍රතිකාර ඒකකය ස්ථාපිත කර තිබෙන අතර එය විවෘත කිරීමේ අවස්ථාවට තංගල්ල කාල්ටන් නිවසේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සහභාගීවෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ළමයින්ට එන්නත් ලබාදීමේ දී විවිධ සංකූලතා තිබෙන දරුවන්ට ප්‍රමුඛත්වය ලබාදෙන බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
777 Views
Comments