අවුරුදු 12ට වැඩි අයට එන්නත් දීමේ වැඩ පිළිවෙලක් සකසන්න - රනිල් පාර්ලිමේන්තුවේදී ඉල්ලයි

අවුරුදු 12ට වැඩි අය සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ වැඩ පිළිවෙලක් සකස් කල යුතු බව එක්සත් ජාතික පක්ෂනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එසේම කොවිඩ් මර්දනය සඳහා වහාම විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් රජය විසින් ස්ථාපිත කළ යුතු බවද ඔහු සඳහන් කරයි.
අද වන විට කොවිඩ් වසංගත තත්ත්වය සීඝ්‍රයෙන් රට තුළ ව්‍යාප්තවී ඇති බවත් මේ නිසා දෛනිකව බොහෝ පිරිසක් මියයන බව පැවසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සංඛ්‍යා ලේඛනවලද ගැටලු ඇති බව පේනවා දී තිබේ.
එන්නත ලබාදීමේ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සිදුනොකර යුධ හමුදාව යටතේ සිදුකිරීම පිළිගත නොහැකි බවද ඔහු වැඩි දුරටත් පේනවා දුන්නේය.
812 Views
Comments