මහනුවර ඇසල පෙරහැරට ආ කලාකරුවන් 45කට කොවිඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
22

මහනුවර ඇසල පෙරහැරට ආ කලාකරුවන් 45කට කොවිඩ්

මහනුවර ඇසල පෙරහැරට ආ කලාකරුවන් 45කට කොවිඩ්

මහනුවර ඇසළ පෙරහැර සඳහා කතරගම දේවාලය නියෝජනය කරමින් සහභාගිවූ නැටුම් කණ්ඩායමක සිටි කලාකරුවන් 76 දෙනෙකුට සිදුකළ රැපිඩ් ඇන්ට්ජන් පරීක්ෂාවකදී එහි සිටි කලාකරුවන් 45 කට කෝවිඩ් - 19 වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරුවූ බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

 

මෙම කලාකරුවන් හතරවැනි රන්දෝලි පෙරහැර නිමාවීමත් සමඟ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කොට ඇති අතර එම අවස්ථාවේදී ආසාදිතයින් පිරිස හඳුනාගැනීමෙන් පසු ඔවුන් පෙරහැර මංගල්‍යයෙන් ඉවත් කොට ඔවුන්ගේ ආශ්‍රිතයන්ද නිරෝධායන ලක් කිරීමට පියවර ගෙන ඇත.

 

මහනුවර ජාතික රෝහල සහ මහනුවර මහනගර සභාවේ නාගරික සෞඛ්‍ය අංශය පෙරහැර මංගල්‍යයට සහභාගී වන කලාකරුවන් දෛනිකව කොවිඩ් පරීක්ෂාවට ලක් කරනු ලබයි.

views

824 Views

Comments

arrow-up