කොවිඩ් සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රධාන නගර කිහිපයක කඩ වැසෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
15

කොවිඩ් සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රධාන නගර කිහිපයක කඩ වැසෙයි

කොවිඩ් සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රධාන නගර කිහිපයක කඩ වැසෙයි

කොවිඩ් රෝග තත්ත්වය සීඝ්‍ර ලෙස පැතිර යාම සැලකිල්ලට ගනිමින් ගම්පහ නගරයට ජනතාව ඇදී ඒම වලක්වාලීම පිණිස ගම්පහ නගරයේ සියලුම ව්‍යාපාරික ස්ථාන හෙට(16) සිට සතියක කාලයක් වසා තැබෙන බව නාගරික එක්සත් වෙළඳ සංගමය පවසයි.

 

මේ සම්බන්ධව නගරයේ ව්‍යාපාරිකයින් සමඟ සාකච්ඡා කළ බවත් බහුතරය වෙළඳසැල් වසා දැමීමට කැමැත්ත පළ කොට ඇති නිසා මෙම තීරණය ගනු ලැබූ බවත් ගම්පහ නාගරික එක්සත් වෙළඳ සංගමයේ ලේකම් සුමිත් අල්විස් මහතා පැවසුවේය.

 

හෙට දිනයේ සිට ලබන 23 වැනිදා දක්වා සතියක කාලයක් නගරයේ ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට පියවර ගනු ලබන බව ගම්පහ නගරාධිපතිවරයා, දිසාපතිවරයා, ප්‍රාදේශීය ලේකම්වරිය, කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දැනුවත් කිරීමට තමන් සහ නාගරික එක්සත් වෙළඳ සංගමයේ සභාපති සුසාන් කුමරප්පෙරුම විසින් පියවර ගෙන ඇති බව සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

මේ අතර වේයන්ගොඩ නගරයේ පිහිටි තම සංගමයට අයත් සියලුම කඩසාප්පු සතියක කාලයකට වසා දැමීමට පියවර ගත්බව වේයන්ගොඩ වෙළෙඳ සංගමය පවසයි.

 

ඒ අනුව සියලු‍ වෙළඳසල් 15 දින සිට 21 දින දක්වා වසා තබනු ඇති.

 

කෙසේ වුවද වෙළඳ සංගමයට අයත් නොවන වෙළඳසැල් කිහිපයක් පමණක් අද 15 විවෘතව පැවතිණි.

views

739 Views

Comments

arrow-up