දුම්රිය ප්‍රධාන පාලන අංශයටත් කොරෝනා රිංගයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

දුම්රිය ප්‍රධාන පාලන අංශයටත් කොරෝනා රිංගයි

දුම්රිය ප්‍රධාන පාලන අංශයටත් කොරෝනා රිංගයි

කොළඹ ප්‍රධාන දුම්රිය පාලන කාර්යාලය තුළ කොවිඩ් වෛරසය පැතිරීම හේතුවෙන් එම කාර්යාලයේ අද(08) දින සේවයට පැමිණීමට නියමිතව සිට පාලකවරුන් සේවයට වාර්තා කිරීමට අකමැතිවීම නිසා නියෝජ්‍ය ගමනාගමන අධිකාරි සහ සහකාර ප්‍රවාහන අධිකාරිවරුන් එහි පාලන කටයුතු බාර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

 

ප්‍රධාන දුම්රිය පාලන කාර්යාලයේ පාලකවරුන් පස් දෙනෙකුට සහ කාර්යාල කාර්ය සහයකවරයෙකුට කොවිඩ් වෛරසය ආසාදනයවී ඇතැයි  වාර්තාවේ.

 

කෙසේ නමුත් කිසිදු ප්‍රමාදයකින් තොරව දුම්රිය ධාවන කටයුතු සිදුකිරිමට වග බලා ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 

views

827 Views

Comments

arrow-up