ලංගමයේ 285කට කොවිඩ්

මේ වන විට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් 285 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට පත්ව ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේය.
මේ වන විට ඔවුන්ව රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවෙත යොමු කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
ගමනාගමන මණ්ඩලයේ සේවකයන් විශාල පිරිසක් අවදානමට ලක්ව ඇති බැවින් හෙට(16) සිට නව ක්‍රමවේදයක් යටතේ සේවකයින් කැඳවන බවත් ඔහු පැවැසුවේය.
ඒ අනුව රියැදුරු කොන්දොස්තර ඇතුළු ලංගම සේවකයින් කණ්ඩායම් දෙකකට බෙදා දින පහළොව බැගින් සේවයට කැඳවීමට උපදෙස් ලබාදී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
ජනතාවට කිසිදු අපහසුතාවයකින් තොරව අවශ්‍ය ප්‍රමාණයට බස්රථ යෙදවීමට සියලුම ඩිපෝ අධිකාරිවරුන්ට උපදෙස් ලබා දී ඇති බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
795 Views
Comments