අද කාලගුණය

ගාල්ල , මාතර දිස්ත්‍රික්කවල සහ බස්නාහිර , සබරගමුව , මධ්‍යම පළාත්වල මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි අතර වයඹ පළාත තුළද වැසි වාර කිහිපයක් බලාපොරොත්තු විය හැක.
සවස් කාලයෙන් පසුව ඌව පළාතේ සහ අම්පාර , මඩකලපුව , දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමේ , උතුරු , උතුරු මැද , වයඹ , දකුණු පළාත්වල හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේද පැයට කිලෝමීටර 40 - 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු හා සුළං මඟින් ඇතිවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
845 Views
Comments