මුලතිව් දඩයම්කරුවන්ගේ කෝවිල සෞඛ්‍ය නීති උල්ලංඝණය කළ පූජාවක් නිසා මුද්‍රා තැබේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
23

මුලතිව් දඩයම්කරුවන්ගේ කෝවිල සෞඛ්‍ය නීති උල්ලංඝණය කළ පූජාවක් නිසා මුද්‍රා තැබේ

මුලතිව් දඩයම්කරුවන්ගේ කෝවිල සෞඛ්‍ය නීති උල්ලංඝණය කළ පූජාවක් නිසා මුද්‍රා තැබේ

මුලතිව් තුනුක්කායි උයිලන්කුලම් දඩයම් පිල්ලෙයාර් කෝවිල දඩයම්කරුවන් විසින් වාර්ෂිකව පවත්වනු ලබන පූජාවක් පැවැත්වීම හේතුවෙන් දින දාහතරක කාලයකට මුද්‍රා තැබීමටත් එම කෝවිලේ පූජාවකට සහභාගී වූ පනහකට අධික පිරිසක් නිරෝධායනයට ලක් කිරීමටත් මුලතිව් සෞඛ්‍ය බලධාරීන් හා පොලීසිය පසුගිය 21 වනදා පියවර ගෙන තිබිණි.

 

නිරෝධායන ඇඳිරිනීතිය සහ සෞඛ්‍ය නිලධාරීන් විසින් පනවා ඇති නීති රීති උල්ලංඝණය කරමින් දඩයම්කරුවන් ඔවුන්ගේ පවුල්වලට සම්බන්ධ පිරිස් සමඟ දේව පූජාවක් පවත්වා දානයක් පිරිනමමින් සිටියදී සෞඛ්‍ය නිලධාරීන් හා පොලීසිය එහි ගොස් ඔවුන් නිරෝධායනයට ලක්කොට කෝවිලට මුද්‍රා තබා ඇත.

views

796 Views

Comments

arrow-up