දෙව්දත් පුතුගේ ප්‍රහාරයෙන් අසාධ්‍ය වූ මව රෝහලේදී මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
23

දෙව්දත් පුතුගේ ප්‍රහාරයෙන් අසාධ්‍ය වූ මව රෝහලේදී මිය යයි

දෙව්දත් පුතුගේ ප්‍රහාරයෙන් අසාධ්‍ය වූ මව රෝහලේදී මිය යයි

තම පුතුගේ ප්‍රහාරයෙන් නිවසේ අසාධ්‍ය තත්වයේ සිටි මහළු මවක් ගම්පහ දිස්ත‍්‍රික් රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කොළඹ මහ රෝහලට ඇතුලත් කර ප‍්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි ගම්පහ පොලිසිය පවසයි.

 

ගම්පහ, මාකවිට උතුර පදිංචි වී සිටි 76 හැවිරිදි මහකුල්ලගමගේ සොපි නෝනා නැමති කාන්තාව මෙලෙස මියගොස් ඇත.

 

හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරක් අනුව ගම්පහ පොලිසිය විසින් මෙම මව රෝහලට ඇතුලත් කර තිබේ.

 

මෙම මරණය සම්බන්ධයෙන් සැකපිට මියගිය මවගේ පුත‍්‍රයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු ගම්පහ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

ගම්පහ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

845 Views

Comments

arrow-up