තිස්සමහාරාම ත්‍රීරෝද රථ අනතුරකින් දෙදෙනකු මරුට

තිස්සමහාරාම බෙරලිහෙල මාර්ගයේ මුතියම්මාගම ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථය පැදවූ 23 හැවිරිදි තරුණයෙකු සහ එහි ගමන් කළ 53 හැවිරිදි කාන්තාවකි.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇතිඅතර තිස්සමහාරාම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
කෙසේ නමුත් මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් චෝදනා කරන්නේ ලොරි රථයේ රියදුරු තිස්සමහාරාම පොලිසියේ නිලධාරිනියකගේ ස්වාමි පුරුෂයකු වන බැවින් අනතුර සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නො වීමේ අවදානමක් ඇති බවයි.
ලොරි රථයේ රියැදුරු ඒ මොහොතේ බීමතින් සිටි බවටද ඔවුන් චෝදනා කරනවා.
849 Views
Comments