මත්පැන්හල් ආශ්‍රිතව නව කොවිඩ් පොකුරක අවධානමක්

මත්පැන් අලෙවිසැල් විවෘත කිරීම හේතුවෙන් ඉදිරියේ දී නව කොවිඩ් පොකුරක් බිහිවීමේ ඉඩකඩ පවතින බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රජා සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සේනක ගමගේ මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ, එම අවසරය ලබාදී ඇත්තේ කවුරුන්ද යන්න පිළිබඳ අනාවරණය කරගත යුතු බවය.
"කවුද මේ මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට අවසරය ලබාදුන්නේ. මොකද මැත්පැන් කියන්නේ අත්‍යවශ්‍ය ආහාර කාණ්ඩයට අයත්වන දෙයක් ද?. අපි දිගින් දිගටම ජනතාවට කිව්වේ, ප්‍රතිශක්තිය අඩුවන මේ මත්පැන් භාවිතයෙන් ඉවත් වෙන්න කියලා. ඒ වගේම මත්පැන් නිසා ජනතාව ඒකරාශී වෙනවා. මේකෙන් කොරෝනා වර්ධනයක් මිසක් මර්දනයක් සිදුවන්නේ නෑ. ඒකෙන් සිදුවන්නේ මත්පැන් භාවිතයෙන් ප්‍රතිශක්තිය අඩුවෙලා රෝගය වර්ධනය වීමක්. ඒ හරහා ජනතාව ඒකාරාශී වෙලා මත්පැන් පොකුරක් නිර්මාණය වීමේ ඉඩකඩක් තියෙනවා."
කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් පවසා සිටියේ, මත්පැන් අලෙවි සැල් විවෘත කිරීම හොඳ දෙයක් ලෙස දැකිය නොහැකි බවය.
766 Views
Comments