රට විවෘත කළ විගස දුම්රියත් වැඩ

රට විවෘත කරන ආකාරය අනුව දුම්රිය ධාවනය ආරම්භ කිරීමට සූදානම් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසුවේය.
එමෙන්ම නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමට පෙර පරීක්‍ෂණ ධාවන කීපයක් සඳහා දුම්රිය යෙදවීමට නියමිත බවත් දුම්රිය එම නිලධාරියා කියා සිටියේය.
නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු දුම්රිය ධාවන කිරීමට මේවන විටත් කාලසටහනක් සකස් කර ඇති බවත් කී එම නිලධාරියා නිරෝධායන ඇඳිරිනීතිය සම්පූර්ණයෙන්ම ඉවත් නොකර පළාත් අතර සංචරණ සීමා තවදුරටත් ක්‍රියාක්මකවේද යන්න නිශ්චිතවම කිවනොහැකි නිසා කලසටහන ක්‍රියාත්මක කරන ආකාරය කිවනොහැකි බවද කීවේය.
රට සම්පූර්ණයෙන් විවෘත කරනවා නම් දුර ගමන් සේවා දුම්රිය ක්‍රියාත්මක කිරීමටත්, පළාත් අතර නම් එයටත් ලෙස අවස්ථානුකූලව දුම්රිය ධාවනය ක්‍රියාත්මක කිරීමට දුම්රිය සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ සිට පහළ දක්වා සියලුම සේවකයන් සූදානමින් සිටින බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කාලසටහන වෙනස් වියහැකි බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
777 Views
Comments