SEP
19
හිටපු මන්ත්‍රී සෝමාවතියේ දඩයමේ ගොස් වනජීවියට කොටු

පොළොන්නරුව වනජීවි වැටලීම් ඒකකය සිදුකළ විශේෂ වැටලීමකදී පොළොන්නරුව සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ දඩයමේ ගිය පොළොන්නරුව දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න ඇතුළු 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ පස්වරුවේ මෙම පිරිස ජාතික වනෝද්‍යානයේ ගල්රැන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පැමිණි යතුරුපැදි 8ක්ද වනජීවි භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහැර ඇත.
978 Views
Comments