රංජන්ට සමාව දෙන්න - ගීතාගෙන් ජනපතිට ආයාචනා
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
03

රංජන්ට සමාව දෙන්න - ගීතාගෙන් ජනපතිට ආයාචනා

රංජන්ට සමාව දෙන්න - ගීතාගෙන් ජනපතිට ආයාචනා

ප්‍රවීන රංගන ශිල්පියකු වන රංජන් රාමනායක මහතා හට ජනපති සමාව ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

 

"රන්ජන්ට දැන්වත් සමාව දෙන්න කියලා මා ජනාධිපතිතුමාගෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා. එයා මිනීමරලා නැහැ. ස්තී‍්‍රන් දූෂණය කරලා නැහැ’’ යනුවෙන් මන්ත්‍රීවරිය ප්‍රකාශ කලා.

 

මෙහිදී තවදුරටත් කතා කළ පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ගීතා කුමාරසිංහ මහත්මිය මෙසේ ද කියා සිටියාය.

 

‘‘රන්ජන් කියන්නේ මගේ සහෝදර කලා ශිල්පියෙක්. ඔහුත් එක්ක සිනමාවේ මම ප‍්‍රධාන චරිත රඟපාලා තියෙනවා. එහෙත්, අද ඔහු සිරගත වී සිටීම හිතට දුකක් දැනෙනවා. රන්ජන් සමාව නොදෙන්න තරම් වරදක් කරලා නැහැ. කොහොම වුණත් දැන් ඔහුට සමාව දෙන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා. එහෙම නිදහස් කළොත් ඔහු යළිත් කලා ක්ෂේත‍්‍රයට එක්වෙලා වැඩක් කරාවි’’.

views

824 Views

Comments

arrow-up