කිරිපිටි හිඟය තවත් මාසයක්

මේ වන විට මෙරට සැලකිය යුතු කිරි පිටි හිඟයක් හටගෙන ඇති අතර ඇතැම් වෙළදුන් පිටි සඟවා වැඩි මිලට අලෙවි කිරීමද සිදු කරයි.
කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් වැඩි කිරීමට ජීවන වියදම් කමිටුව හරහා ඉල්ලීමක් කර ඇති බවත් එම මිල වැඩිවීම ලබන අඟහරුවාදා වන විටවත් නොවුණ හොත් කිරිපිටි සැපයුම සාමාන්‍ය තත්වයට පත්වීමට තවත් මාසයක් පමණ ගතවීමට ඉඩ ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා පැවසීය.
තව ද වරායේ තවම නිදහස් කර ගැනීමට නොහැකි වූ කිරි පිටි නරක් වීමේ ඉඩකඩක්ද මතු වී අැත.
895 Views
Comments