කිරිපිටි මිල රු.200කින් වැඩි කිරීමට එකඟතාවය

ආනයනික කිරි පිටි කිලෝවක මිල රුපියල් 200 කින් ඉහළ දැමීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ කිරිපිටි ආනයනය කරුවන් අතර පැවති සාකච්ඡාවේදී එකඟ තාවයකට පත්ව තිබේ.
කිරි පිටි ආනයන කරුවන් එක් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 350 කින් ඉහළ දැමීමට ඉල්ලා තිබුණද සාකච්ඡාවෙන් අනතුරුව එය රුපියල් දෙසීයක් දක්වා පහත දැමුනා.
කෙසේ වෙතත් තවමත් නිල වශයෙන් මෙම මිල ඉහළ දැමීමට අවසර ලබා දී නොමැත. ඒ පිළිබඳ වූ අවසාන තීරණය එළඹෙන සතියේ ජීවන වියදම් කමිටුව රැස් වීමෙන් අනතුරුව ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.
ලෝක වෙළෙඳ පොළේ කිරි පිටි මිල ඉහල යාම, රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යාම සහ නැව් ගාස්තු ඉහළ යාම මෙම මිල වැඩි කිරීමට හේතුවයි.
1370 Views
Comments