SEP
12
යට ඇදුම් සහන මිලට සතොස හරහා දෙනවා - ආචාර්ය බන්දුල ගුණවර්ධන

මෙරට සම්පූර්ණ ඇඟලුම් ඉල්ලුම දේශීය ඇඟලුම් නිෂ්පාදකයන් හරහා සපුරාලිය හැකි බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ඒ ඊයේ (11) දින වෙළෙඳ අමාත්‍යවරයා සහ දේශීය රෙදිපිළි නිෂ්පාදකයින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමින්.
එබැවින් රෙදිපිළි සැපයුම පිළිබඳ සැකයක් ඇති නොකර ගත යුතු බවයි අමාත්‍යවරයා පවසන්නේ.
මෙරට යට ඇඳුම් ඉල්ලුමද දේශීයව සපුරාලිය හැකි බවත් එම යට ඇඳුම් අඩු මිලට සතොස හරහා ලබා ගැනීමට සලස්වන බවත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
886 Views
Comments