SEP
05
යුධ හමුදාවෙන් නිවෙස්වලට ඔක්සිමීටර්

වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවෙස් තුළ ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින් සඳහා ඔක්සිමීටර් බෙදාදීම පසුගිය දා යුද හමුදාව විසින් සිදුකර තිබේ.
යුද හමුදාව සඳහන් කළේ කොළඹ සහ ගම්පහ ප්‍රදේශවල නිවෙස්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සිටින පවුල් සඳහා එලෙස ඔක්සිමීටර් 50ක් බෙදාදුන් බවය.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් මිලියනයකට අධික වටිනාකමකින් යුත් ඔක්සිමීටර් 250ක් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාධිපති, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත පසුගියදා පරිත්‍යාග කර තිබූ අතර ඉන් කොටසක් මෙලෙස බෙදා දී තිබේ.
856 Views
Comments