පාර්ලිමේන්තුවට තවත් රැපිඩ් වටයක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
05

පාර්ලිමේන්තුවට තවත් රැපිඩ් වටයක්

පාර්ලිමේන්තුවට තවත් රැපිඩ් වටයක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වටයක් හෙට(6) දින පැවැත් වේ.

 

පාර්ලිමේන්තු සේවකයන් සහ පාර්ලිමේන්තුව ආවරණය කරන මාධ්‍යවේදීන් සඳහාද එම පරීක්ෂණවලට යොමුවිය හැකි බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.

 

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කර සිටියේ කෙසේ වෙතත් කැමතිනම් පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඊට යොමු විය හැකි බවයි.

 

මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී උදේ 9.30 සිට දහවල් 12:30 දක්වා පැවැත්වෙනු ඇත.

views

719 Views

Comments

arrow-up