පහරදීමක් සම්බන්ධයෙන් හම්බන්තොට නගරාධිපති අත්අඩංගුවට - අත්අඩංගුවට පත් හම්බන්තොට නගරාධිපති ඇප මත මුදා හැරේ

ආරක්ෂක නිලධාරීන් නිලධාරීන් දෙදෙනකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ස්වේච්ඡාවෙන් පොලිසියට පොලිසියට බාර වීමත් සමග ඔහු අත්අඩංගුවට ගැනුණා.
නගරාධිපති වරයාව මෙලෙස අත්අඩංගුවට ගැනුණේ බම්බලපිටිය ප්‍රදේශයේ ඉඩමකට කඩාවැදී එහි සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධවයි.
මෙම පහරදීම සිදුව ඇත්තේ පසුගිය 14 වනදා වන අතර පහරකෑමට ලක්වූ පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
ආරක්ෂක නිලධාරීන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට භාරවීමෙන් පසු ව අත්අඩංගුවට ගැනුණු නගරාධිපතිවරයාට මිනිත්තු කිහිපයක් ඇතුළත ඇප හිමිවී ඇති අතර මේ වන විට ඔහු ඇප මත මුදා හැර තිබෙනවා.
හම්බන්තොට නගරාධිපති වන එරාජ් ප්‍රනාන්දු මහතාට මීට පෙරද 2014 වසරේදී මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබුණි. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙනි.
1041 Views
Comments