පුපුරණ ද්‍රව්‍ය කිලෝ 175ක් සමඟ දෙදනෙකු අත්අඩංගුවට

බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධි ලෙස ඇමෝනියා නයිට්‍රජන් පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්රූම් 175ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙනෙකු පුනෑවේදි අත්අඩංගුවට ගත්බව මැදවච්චිය පොලිසිය පවසයි.
අනුරාධපුර, වහමල්ගොල්ලෑවේ හා මොරටුව පහල ඉදිබැද්ද යන ප්‍රදේශවල පදිංචි 64 හැවිරිදි වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට ලද තොරතුරකට අනුව සිදුකල වැටලීමකදී එක් පුද්ගලයෙක් සන්තකයේ ඇමෝනියා නයිට්‍රජන් පුපුරණ ද්‍රව්‍ය කිලෝ එකසිය පනහක්ද අනෙක් පුද්ගලයා සතුව කිලෝ විසිපහක්ද තිබු බව පොලිසිය පැවසීය.
මෙම පුද්ගලයන් සිදුකළ ප්‍රශ්න කිරිමේදි කලුගල් වැඩපලක් සඳහා භාවිතා කිරිමට තමන් මෙම පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබාගත් බව පොලිසියට පවසා තිබේ.
අත්අඩංගුවටගත් පුපුරණ ද්‍රව්‍ය තොගය හා සැකකරුවන් අද(26) දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.
841 Views
Comments