ගෙදර වැඩට පැමිණි පෙදරේරුවා බාලවයස්කාර දැරියව පැහැරගනී

වයස අවුරුදු 14ක බාලයවස්කාර දැරියක් පෙදරේරු රැකියාවක් සඳහා නිවසකට පැමිණි පුද්ගලයෙකු විසින් පැහැරගෙන යාමේ සිදුවීමක් වෙන්නප්පුවෙන් වාර්තාවේ.
එම පුද්ගලයා නිවසේ පෙදරේරු කටයුත්තක් සඳහා පැමිණ ඇති අතර එහි සිටි බාල වයස්කාර දැරියක් පැහැරගෙන ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් 25 හැවිරිදි සැකකාර පුද්ගලයාව හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වෙන්නප්පුව - බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
දැරියව වෛද්‍ය පරීක්ෂණයකට හලාවත මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර වැඩිදුර පොලිස් පරික්‍ෂණ ක්‍රියාත්මකයි.
6721 Views
Comments