දිවයිනේ සමහර ප්‍රදේශවලට පාවී ආ දේ ගැන පැහැදිලි කිරීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
03

දිවයිනේ සමහර ප්‍රදේශවලට පාවී ආ දේ ගැන පැහැදිලි කිරීමක්

දිවයිනේ සමහර ප්‍රදේශවලට පාවී ආ දේ ගැන පැහැදිලි කිරීමක්

ඇතැම් ප්‍රදේශවලට පාවෙමින් පැමිණ තිබු මකුළුදැල්වලට සමාන ද්‍රව්‍ය ස්වභාවික දෙයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවේය.

 

ඔහු පෙන්වාදෙන්නේ මෙය මකුළුවන්ගෙන් නිර්මාණය වු දෙයක් බවයි.

 

අම්පාර, මොනරාගල, දෙහිඅත්තකණ්ඩිය, සූරියවැව යන ප්‍රදේශවලට ඊයේ(02) උදෑසන කාලයේ සිට යම්කිසි ද්‍රව්‍යයක් අහසෙන් පාවෙමින් පැමිණි බවට තොරතුරු වාර්තා වුණි.

 

“නූල් වලට සමාන මකුළු දැල් වගේ තමයි දැක්කේ. අහසේ පාවීගෙන ආවා. ලොකු කෑලිත් තිබුණා.”‍ යනුවෙන් ඒ පිළිබඳව අදහස් දැක්වූ ජනතාව පැවසීය.

 

කෙසේ වුවද මෙය මකුළුවන්ගේ ස්වභාවික ක්‍රියාවලියක් හේතුවෙන් ඇතිවු දෙයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා කියා සිටියේය.

 

“මේ වැටිලා තියෙන ද්‍රව්‍ය පරීක්ෂා කලාම මේක ස්වභාවික දෙයක් කියලා තමයි කියන්න පුළුවන්.

මේ කාලයේදී මකුළුවෝ බිත්තර දාලා ඒ බිත්තර පුපුරලා පැටව් එලියට එනවා. ඒ පැටව් එහෙ මෙහෙ යන්න ඔින වුණාම බඩෙන් පොඩි කෙන්දක් නිකුත් කරනවා.

ඊට පස්සේ ඒක දිගේ යනවා. ඒ කෙන්ද පාවෙලා ගිහින් මේ විදිහට තැන් තැන්වල රැf​ඳනවා.

විශාල ප්‍රමාණයක් පැටවුන් ඒ විදිහට සිදුකරන නිසා මේ වගේ අවස්ථා අපේ රටේ පමණක් නෙමෙයි ගොඩක් රටවලදි දකින්න පුළුවන්.”

views

794 Views

Comments

arrow-up