දින 136කට පසු අඩුම මරණ ඊයේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
10

දින 136කට පසු අඩුම මරණ ඊයේ

දින 136කට පසු අඩුම මරණ ඊයේ

ඊයේ දිනයේ නව කොවිඩ් මරණ 29ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කර ඇත.

 

පසුගිය (08) දින තහවුරු කර ඇති එම මරණ 29ත් සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,296ක් දක්වා ඉහළගොස් ඇත.

 

එම මරණ අතරට කාන්තාවන් 11ක් සහ පිරිමි පුද්ගලයින් 18ක් අයත්ය.

 

වයස අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයින් 06 දෙනෙකු සහ වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින් 23 දෙනෙකු එම මරණ අතර වේ.

 

දින 136කට පසුව මෙරට දිනක් තුළ  වාර්තා වූ  අඩුම කොවිඩ් මරණ සංඛ්‍යාව මෙය විම විශේෂත්වයකි.

views

794 Views

Comments

arrow-up