මිණිබිරිය පාසලට එනතෙක් පුටුව රැක ගන්න දඟලන විදුහල්පතිනිය
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
17

මිණිබිරිය පාසලට එනතෙක් පුටුව රැක ගන්න දඟලන විදුහල්පතිනිය

මිණිබිරිය පාසලට එනතෙක් පුටුව රැක ගන්න දඟලන විදුහල්පතිනිය

විශ්‍රාම යාමෙන් අනතුරුවත් විදුහල්පති තනතුරේ රැඳී සිටීමට කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක විදුහල්පතිනියක් මේ දිනවල මහත් වෙහෙසක් දරමින් සිටින බවට තොරතුරු වාර්තාවේ.

 

මෙම වසරේදී අවුරුදු 60ද ඉක්මවන මෙම විදුහල්පතිනිය තවත් මාස කිහිපයකට හෝ සේවා කාලය දීර්ඝ කරගැනීමට දත කමින් සිටින්නේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ කාලසීමාව අතිශයින් වැදගත් වන නිසා පමණක් නොව මෙවර තමාගේ මිණිබිරියක්ද පාසලට ඇතුළත් කර ගැනීමට සිටින නිසා බව වාර්තාවේ.

 

ඇයගේ අරමුණ වෙනුවෙන් පාසලේ ආදි ශිෂ්‍යාවන්ගේ සංගමයද මීට මැදිහත් කරගෙන සිටින එම විදුහල්පතිනිය කෙසේ හෝ එම සංගමය හරහා තමාට සේවා දිගුවක් ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉල්ලීමක්ද ඉදිරිපත් කිරීමට සුක්ෂමවි ඇතැයි වාර්තාවේ. 

 

ඒ මෙම විදුහල්පතිනිය මේ දක්වා පාසලට කර ඇති සේවය සලකා බලා ඊට කෘතගුණ දැක්වීම වෙනුවෙනුයි. 

 

එම ඉල්ලීමට අධ්‍යාපන අමාත්‍යාංශය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

 

ඊට හේතු වී තිබෙන්නේ කිසිදු හේතුවක් මත සේවා දිගු නොදෙන්නේය යන ස්ථාවරයේ අමාත්‍යාංශය සිටින බැවිනි. 

 

තමාගේ අවශ්‍යතාව ඉටුකර ගැනීමට අමාත්‍යාංශය බාධාවක් වන බව ඒත්තු යාම හේතුවෙන් මේ දිනවල ඇය දේශපාලකයන්ගේ ගුණ වයමින් සිටින බවද සඳහන්වේ.

 

කවර බලපෑමක් මධ්‍යයේ වුවත් හැට පනින නිලධාරීන්ට සේවා දිගු නොදෙන බවට අමාත්‍යාංශය දැනටමත් ප්‍රකාශ කිරීම නිසා විදුහල්පතිනිය තූෂ්ණිම්භූතව සිටින බව වාර්තාවේ.

views

1010 Views

Comments

arrow-up