“රාජපක්‍ෂලාට රට හදන හැටි කියලා දෙන්න ඕන්නෑ - ඒගොල්ලො හොඳ වැඩකාරයෝ”

“රාජපක්ෂලා කියන්නේ හොඳ වැඩකාරයෝ. රාජපක්ෂලාට රස්සා දෙන්න ඕන විදිය, රට හදන්න ඕන විදිහ කියලා දෙන්න ඕන්නෑ. වැටිච්ච රට ගොඩනගන්න ඕන විදිහ කියලා දෙන්න ඕන්නෑ. එයාලා එක හොඳට දන්නවා" යැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේය.
රුපියල් මිලියන 48.7 ක වියදමින් බුලත්කොහුපිටිය නගරයේ ඉදිවන මහල් හතරකින් යුත් වෙළෙඳ සංකීර්ණයේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසුවේය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,
“මම මේ අමාත්‍යාංශේ වැඩ භාරගත්තේ මාර්තු පළවෙනිදා දැන් මාස හත අටක් ගෙවිලා.
ඒකෙන් මාස පහක්ම රට වහල තිබුණේ කොවිඩ් ව්‍යවසන නිසා.
පසුගිය වසර පහක කාලය තුළ ආණ්ඩු කරපු කිසිම කෙනෙක් මේ දක්වා නොකරපු ඓතිහාසික කාර්යභාරයක් මට මේ මොහොතේ කරන්න පුලුවන් වුණා.
අපිට තියෙන පළාත් පාලන ආයතන 341න් 265කට මුදල් ප්‍රතිපාදන දීලා ඒ ප්‍රාදේශීය සභාවන්වල සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යන්න කටයුතු කළා.”
751 Views
Comments