ගල්කිස්සේ මනුෂ්‍ය ඝාතනයක්

ඊයේ (08) සවස් කාලයේ දී ගල්කිස්ස, සොයිසාපුර ප්‍රදේශයේ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ, 68 හැවිරිදි සොයිසාපුර මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු ඔහුගේ ඥාතීයෙකු සමඟ මරණකරුගේ නිවසේ පදිංචි ව සිට ඇති අතර, එම නිවස දෙසින් කෑගසන ශබ්දයක් ඇසුණු බවත්, එම අවස්ථාවේ දී ඥාති පුද්ගලයා කලබලයෙන් නිවසෙන් එළියට බැස දිවගිය බවත් යාබද නිවසෙහි සිටි කාන්තාවක් පවසා ඇත.
මෘත ශරීර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදුකිරීමට නියමිත අතර, ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
325 Views
Comments