ගෑස් මිල පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
02

ගෑස් මිල පහළට

ගෑස් මිල පහළට

ලබන 4 වන අඟහරුවාදා සිට ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය වීමට නියමිත අතර පසුගිය මාසයේ සිදුවූ සංශෝධනයේදී මෙන්ම මෙවර ද ගෑස් මිල අඩුවීමට නියමිතය.

 

ලිට්‍රෝ සමාගම පසුගිය මස 4 වැනිදා සිදුකළ මිල සංශෝධනයට අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 452කින් අඩු කෙරූ අතර එහි මිල මේ වන විට දැක්වෙන්නේ රුපියල් 3,186ක් ලෙසය.

 

කිලෝග්‍රෑම් 5ක ලිට්‍රෝ ගෑස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,281ක් ලෙසත්, කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 598ක් ලෙසත් දැක්වේ.

 

ඉදිරියේ දී මිල සංශෝධනයක් සිදුවිය හැකි බවට ලාෆ් ගෑස් සමාගම ද පසුගිය දා ප්‍රකාශ කළ නමුත් මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර නොමැත.

views

354 Views

Comments

arrow-up