JUN
25
ත්‍රීවිල් හා බයික්වලින් රේස් ගියොත් වැඩ වරදී

යතුරුපැදි සහ ත්‍රිරෝද රථ අපරික්ෂාකාරී ලෙස මාර්ගවල ධාවනය කරන්නේ නම්, ඒ පිළිබඳව කඩිනමින් ළඟම පොලිස් ස්ථානය දැනුවත් කරන ලෙස පොලිසිය ඉල්ලීමක් කර තිබේ.
එසේම පොලිසිය පැමිණෙන විට අදාළ පිරිස් විසිර යාමට ඉඩ ඇති බැවින් ඒවා රූපගත කිරීමක් කළ හැකිනම් එය විමර්ශනවලට පහසුවක් වන බවද පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
මාර්ගවල තරග එසේත් නොමැතිනම් රේස් යන ආකාරයට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ ධාවනය කළ හොත් අදාළ පුද්ගලයන් එම වාහනය ද සමග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාවක් පොලිසියට පවති.
213 Views
Comments