පාකිස්ථානු නාවික හමුදාවේ PNS TIPPU SULTAN කොළඹ වරායට

පාකිස්ථාන නාවික හමුදාවට අයත් ‘PNS TIPPU SULTAN’ නෞකාව අද (18) පෙරවරුවේ කොළඹ වරායට පැමිණ තිබේ. එම නෞකාව අනිද්දා (20) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. ඊට පෙර බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවක් සමඟ නාවික අභ්‍යාසයක (PASSEX) නිරත වීමට ද අපේක්ෂා කෙරේ.
මෙම යුධ නෞකාව දිගින් මීටර් 134.1ක් වන අතර නැව් මුළුව 168 කින් සමන්විත බව පැවසේ. එමෙන්ම නෞකාව දිවයිනේ රැඳී සිටින කාලය තුළ දෙරටේ නාවික හමුදා අතර මිත්‍රත්වය වර්ධනය කර ගැනීම සඳහා සංවිධානය කෙරෙන වැඩසටහන් සඳහා ද සහභාගී වීමට සැලසුම් කර තිබේ.
252 Views
Comments