ත්‍රෛලෝක විජයපත්‍ර වලට අවසරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
11

ත්‍රෛලෝක විජයපත්‍ර වලට අවසරයක්

ත්‍රෛලෝක විජයපත්‍ර වලට අවසරයක්

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කල විශේෂඥ කමිටුවක් මගින් නිර්දේශ වූ පරිදි අපනයනය සඳහා පමණක් ත්‍රෛලෝක විජය පත්‍ර කංසා පාදක නිෂ්පාදන සිදු කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ඉල්ලා ඇත. 

 

 

මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහයෝගයෙන් කටයුතු කරනු ඇත.

 

 

ඒ සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එක්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වේ.

 

 

පවතින නීතිරීති වලට අනුකූලව ත්‍රෛලෝක විජය පත්‍ර බෝගය වගා කිරීම හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කිරීම පිළිබඳ තාක්ෂණික මාර්ගෝපදේශ ලබා දීම හා නියාමන රාමුවක් සකස් කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුවට පැවරෙන අතර ඒවා අපනයනයට අදාළ ශක්‍යතා අධ්‍යනයක් සිදු කිරීම, ආයෝජන සැලැස්ම තීරණය කිරීම හා ක්‍රියාත්මක කිරීමේ කාල රාමුව සකස් කිරිම ඇතුළුව ආයෝජකයන් සමඟ එකඟතාවකට පැමිණීමේ කටයුතු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත පැවරෙනු ඇති බවයි වාර්තා වී ඇත.

 

 

තවද ත්‍රිලෝක විජය පත්‍ර වගාව සඳහා පහසුකම් සැලසීමට රජය අවශ්‍ය පියවර ගනු ඇත. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඉඩම් නොමැති නම් රජය සතු සුදුසු ඉඩමක් මේ සඳහා වෙන් කරනු ලැබේ.

views

386 Views

Comments

arrow-up