JUN
05
ඩෙංගු මර්දන සහයකයන් ලෙස පැමිණි හොරු කල්ලිය

ඩෙංගු මර්දන සහයකයන් ලෙස කැස්බෑව බටුවන්දර ප්‍රදේශයේ නිවසකට වෙස්වලා ගෙන පැමිණ පුද්ගලයන් තිදෙනෙකු එහි සිටි 73 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකගේ අත් පා බැඳ දමා රන් භාණ්ඩ කොල්ලකා පලා ගොස් ඇති බව පොලීසිය පවසයි.
කොල්ලකරුවන් විසින් රුපියල් ලක්ෂ 13 කට අධික වටිනා රන්භාණ්ඩ සහ ජංගම දුරකථනයක් මෙලෙස කොල්ලකා පලාගොස් තිබේ.
හොඳින් හැඳ පැළඳ අත ෆයිල් කවර සහ ලිපිලේඛන අතැතිව පැමිණ තිබූ මෙම කොල්ල කරුවන් තිදෙනා අසල්වාසීන්ට කිසිදු සැක ඇති නොවන පරිදි තවත් නිවාස කිහිපයකට ගොස් ඇති බව වාර්තා වේ.
254 Views
Comments