MAY
29
උදය දේවි පැය හතරක් එකම තැන

මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ උදයදේවි සීග්‍රඝාමි දුම්රිය කාර්මික දෝෂයකට ලක්ව පැය හතරකට අධික කාලයක් මහව දුම්රිය ස්ථානය නතර කර තබා ඇත.
ගල්ඔය දුම්රිය ස්ථානයේදී ගවයකු හැපීමෙන් පසු මෙම කාර්මික දෝෂය හටගෙන ඇති අතර රාත්‍රි 12.30ට පමණ මහව දුම්රිය ස්ථානයෙ නැවැත්වු දුම්රිය කාර්මික දෝෂය යථා තත්වයට පත් කිරිමෙන් පසු අලුයම 4.00ට පමණ කොළඹ බලා ගමන් ආරම්භ කර ඇත.
මේ හේතුවෙන් මඩකලපුව සිට කොළඹ බලා ගමන් ගත් දුම්රිය මගීහු දැඩි අපහසුතාවට පත්ව තිබේ.
313 Views
Comments