MAY
22
හම්බන්තොට වෙඩි තැබීමක් පුද්ගලයෙක් මරුට

හම්බන්තොට සුචි ගම්මානයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (21) රාත්‍රියේ 9.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති අතර වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හම්බන්තොට සිරිබෝපුර පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය පිළිබඳව පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
221 Views
Comments