දිස්ත්‍රික්ක 9ක ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට

දිස්ත්‍රික්ක 9ක ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා සඳහන් කරයි.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ ආනන්ද විජේවික්‍රම මහතා පවසන පරිදි ඉදිරියේදී ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්ද මතුව ඇත.
මේ අතර බස්නාහිර පළාතේ ඩෙංගු මර්දන වැඩසටහන පිළිබඳ සාකච්ඡාවක් අද (15) බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 33400 ක් වාර්තාවී ඇති අතර පුද්ගලයින් 18ක් මිය ගොස් තිබේ.
257 Views
Comments