බැසිල් රාජපක්ෂ මහතා යළි දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
22

බැසිල් රාජපක්ෂ මහතා යළි දිවයිනට

බැසිල් රාජපක්ෂ මහතා යළි දිවයිනට

පසුගිය මැයි 07 වනදා ඩුබායි රාජ්‍යය බලා පිටව ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා යළි දිවයිනට පැමිණ තිබේ.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කළේ පසුගිය සිකුරාදා දිනයේදී ඒ මහතා යළි දිවයිනට පැමිණි බවයි.

 

මේ සතිය තුළ ආණ්ඩුවට තීරණාත්මක ඡන්ද විමසීමක් ද පාර්ලිමේන්තුවෙහි පැවැත්වීමට නියමිතව ඇත.

 

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාව එම තනතුරෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සඳහා එම ඡන්ද විමසීම පවත්වනු ලබයි.

views

224 Views

Comments

arrow-up