එක්ස්ප්‍රස් පර්ල් නඩුව අද සිංගපූරු අධිකරණයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

එක්ස්ප්‍රස් පර්ල් නඩුව අද සිංගපූරු අධිකරණයට

එක්ස්ප්‍රස් පර්ල් නඩුව අද සිංගපූරු අධිකරණයට

පසුගිය 26 වැනිදා එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදුවූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා නීතිපති දෙපාර්තමේන්තුව විසින් සිංගප්පූරු අධිකරණයක් හමුවේ නඩුවක් ගොනු කරන ලදී. අදාළ නඩුව සිංගප්පූරු අධිකරණයක් හමුවේ පසුගිය 9 වැනිදා පළමු වරට කැඳවනු ලැබුවේ ය.

 

 

එලෙස වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණය හමුවේ ශ්‍රී ලංකාව පැනවූ නඩුව අද (15) යළි කැඳවීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිංගප්පූරු නීතීඥ සංගමයක් නඩුවට පෙනී සිටීමට සූදානම් වේ.

 

 

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ අසේල රැකව මහතා ඊයේ සඳහන් කළේ මෙරට මුහුදු සීමාවේදී ගිනිගැනීම‍ට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය යළි ගණනය කිරිමට පියවර ගෙන ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි එම වාර්තාව සැකසීම ආරම්භ කර ඇති බවයි.

views

235 Views

Comments

arrow-up