ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිලදී ගන්න ටාටා ඉන්දියා සමාගම සැරසේ

දැවැන්ත ඉන්දියානු සමූහ ව්‍යාපාරයක් වන ටාටා සමාගම විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිලදී ගැනීමට සැරසෙන බව වාර්තා වේ.
මේ වන විට ඉන්දියාවේ එයාර් ඉන්දියා සමාගමේ ද මෙහෙයුම් කටයුතු සිදු කරමින් සිටින ටාටා සමාගම, ඊට අමතරව තවත් ගුවන් ගුවන් සමාගම් කිහිපයක් ද මෙහෙයවමින් සිටී.
ශ්‍රී ලංකා රජය විසින් පසුගිය කාලයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවත්වාගෙන යාම සඳහා ආයෝජකයෙකු සොයමින් සිටි නමුත්, සමාගමේ මූල්‍ය තත්ත්වය අනුව ඒ සඳහා සැලකිය යුතු යෝජනා ඉදිරිපත් නොවු අතර, ගුවන් සමාගම ලබන පාඩුව පියවා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්නේ නම් පමණක් ඒ පිළිබඳ සලකා බැලිය හැකි බව ඇතැම් ආයෝජකයන් පවසා තිබුණි.
294 Views
Comments