ඉෂාරා දේවේන්ද්‍රගේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක්

ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි රජයට අයත් විද්‍යුත් මාධ්‍ය ආයතනයක ජනප්‍රිය ප්‍රවෘත්ති නිවේදිකාවක් විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට එල්ල කරන ලද චෝදනාවක් සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය විධිමත් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ජ්‍යෙෂ්ඨ (මාධ්‍යවේදි) නිලධාරියෙකු විසින් ලිංගික අතවර කළ බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් ITN රූපවාහිනී නාලිකාවේ ඉෂාරා දේවේන්ද්‍ර නමැති ප්‍රවෘත්ති නිවේදිකාව ඉල්ලා අස්වීම පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර හා අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණ පැවැත්වීමට තමන් නියෝග කර ඇති බවයි.
තම නම සහ ආත්ම ගෞරවය ආරක්ෂා කර ගැනීමටත් ජීවිතයට එල්ල වන තර්ජන මගහරවා ගැනීමටත් තමාට ITN සේවයෙන් ඉල්ලා අස්වීමට සිදු වූ බව ඉෂාරා දේවේන්ද්‍ර සිය සමාජ මාධ්‍ය සටහනකින් ප්‍රකාශ කර තිබේ.
ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ තමන් පොලිසියට හා ITN කළමනාකාරීත්වයට විධිමත් පැමිණිල්ලක් කර ඇති බවත්, අදාල ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැරදිකරු වුවහොත් ඔහුට එරෙහිව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.
281 Views
Comments