කෝටි පහළොවක රන් හොරෙන් ගෙනා අයෙක් කටුනායකදී දැලේ

රුපියල් කෝටි 15 කට අධික වටිනාකමකින් යුතු රත්‍රන් කිලෝග්‍රෑම් 07ක් නීතීවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ, මරදාන ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක් වන මොහු නිතර ගුවන් ගමන්වල නිරත වන ව්‍යාපාරිකයෙකු බවද සඳහන් වේ.
මෙම පුද්ගලයා තම ඉන ප්‍රදේශයේ පාර්සල් 08 ක් ලෙස සකස්කර එම රත්‍රන් තොගය සඟවාගෙන පැමිණ ඇති බව වාර්තා වන අතර, කිලෝග්‍රෑම් 04 යි ග්‍රෑම් 400ක් බර රන් බිස්කට් 42 ක් සහ කිලෝග්‍රෑම් 02 යි ග්‍රෑම් 600 ක් බර ස්වර්ණාභරණ තොගයකින් මෙම රත්‍රන් තොගය සමන්විත බව සඳහන් වේ.
324 Views
Comments